Posts

Showing posts from July, 2015

වසර 25ක Adobe ගැටලුවට ලාංකේය පර්යේෂකයකු ගෙන් විසඳුම්

Image
ලෝ ප්‍රකට Adobe සමාගමෙහි නිෂ්පාදනයක්‌ වන Photoshop මෘදුකාංගයෙහි වසර 25ක ඉතිහාසය තුළ විස¹ගැනීමට නොහැකි ව තිබූ ගැටලුවක්‌ විසඳීමට ඇමෙරිකාවේ MIT සරසවියේ පරිගණක විද්‍යා හා කෘත්‍රිම බුද්ධි පර්යේෂණාගාරයේ (Computer Science and Artificial Intelligence Laboratory - (CSAIL) පර්යේෂකයකු සමත් ව තිබෙනවා. විශේෂත්වය වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයකු වීමයි. කොළඹ රාජකීය විද්‍යාලයයේ හා මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ ආදි සිසුවකු වන ඔහු චරිත් මෙන්ඩිස්‌. Photoshop වැනි රූප සංස්‌කරණ කාර්යයන් සඳහා භාවිත කරන මෘදුකාංග මුහුණ දෙන ප්‍රධාන පෙළේ ගැටලුවක්‌ වන්නේ කාලයත් සමග ඒවායේ කේතමය උපදෙස්‌ කෙමෙන් "වියෑකී" යැමයි. (Bit rot). සැම මෘදුකාංගයකට ම පොදු මේ තත්ත්වය Photoshop වැනි මෘදුකාංගවලට විශාල ලෙස බලපානවා. මීට හේතුව වඩා හොඳ වේගවත් සේවාවක්‌ ලබාගැනීම සඳහා මේ මෘදුකාංගවල මූල කේත කලින් කලට විශාල ලෙස ප්‍රශස්‌තකරණය (Optimize) කිරීමට සිදු වීමයි. කේතමය උපදෙස්‌ වියෑකීම නිසා කාලයත් සමග මේවායේ කාර්යක්‌ෂමතාව පහළ බසිනවා. ඒ නිසා Adobe වැනි සමාගම් සැම වසර කිහිපයකට වතාවක්‌ ම පරිගණක විශේෂඥයන් සිය ගණනක්‌ යොදාගනිමින් මේ